ඌව පළාත තුළ සිදුකරන අවිධිමත් ස්ථාන මාරුවලට එරෙහිව සහ වැලිමඩ රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ට අමතර සේවාවලට ගෙවීම නොකිරීමට එරෙහිව හෙට (12) එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව හෙට ඌව පළාත් රෝහල් තුළ එක්ස්-රේ පරීක්ෂණ ඇතුළු සියලුම විකිරණ පරීක්ෂණ සිදු නොකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා මහතා සඳහන් කළේය.
හෙට දිනය තුළදී මෙම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් එළැඹෙන19 වැනිදා රටේ සියලුම රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවද අවධාරණය කළේය.