බන්ධනාගාර රැඳවියෙකු විසින් මෙහෙයවන හොරොයින් ජාවාරමක අතරමැදියෙකු වී හොරොයින් බෙදාහැරීමේ නිරතවූ වෑකඩ මදුරුවා හෙවත් චන්දන නමැත්තා හෙරොයින් මිලිග්‍රෑම් හත්දාස් දෙසිය හතළිහක් සමග අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය පවසයි.
හතලිස් පස් හැවිරිදි විවාහකයෙකු වන මෙම සැකකරු පානදුර, වෑකඩ පදිංචිකරුවෙකි. සැකකරු මිනීමැරුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටින්නෙක්ද වන බව පොලීසිය පවසයි.
පිළියන්දල දයාරත්න පතිරණ