හිනිදුම පනංගල ප්‍රදේශයේ හෙට්ටිකන්ද ඇළට වැටීමෙන් 27 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (01දා) මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම මරණයත් සමග වර්ෂාව හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගියේය.
එසේම අකුරැස්සට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරදමඩු ප්‍රදේශයේ ගංවතුරේ ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරාගැනීමට උත්සාහ කළ 35 හැවරිදි පුද්ගලයෙකු අද (02දා) අතුරුදන්ව තිබෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.
ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නාවික භටයන් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතවෙමින් සිටින බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම අතුරුදන්වීමත් සමග වැස්ස නිසා අතුරුදන් වු පුද්ගලයන් සංඛ්‍යාව 02 දක්වා ඉහළගොස් තිබේ.