වැලිකඩ බන්ධනාගාරයේ පවතින කොටස් අතරින් එක් කොටසක් වෙන රිමාන්ඩ් බන්ධනාගාරය වෙනත් තැනක ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලින් වැඩි ප්‍රමාණයක් නගරවල මධ්‍යයේ පවතින බවත් එම ඉඩම් සඳහා ආර්ථික වශයෙන් ඉහළ වැදගත්කමක් ඇති බවත් රජය සඳහන් කරයි.
රටපුරා පිහිටි බන්ධනාගාර පුනස්ථාපනය කිරීම වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාරය හා එහි අනුකොටස් වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට යෝජිත අතර වැලිකඩ බන්ධනාගාරයේ පවතින අංශ 04 න් රිමාන්ඩ් බන්ධනාගාරය අධිකරණ සංකීර්ණයට සමීපව පිහිටා ඇති සීමාසහිත බී.සී.සී. ලංකා සමාගම සතු ඉඩමේ ස්ථාපිත කිරීමට නියමිතය.
මේ සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.