පුත්තලම ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සේවකයෝ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් එම ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (20) විරෝධතාවක නිරත වූහ.
විරෝධතාකරුවන් පැවසුවේ, වසර 02 ක සිට තමන්ට වැටුප් වැඩි කිරීමක් සිදු වී නොමැති බවත්, පාලන අධිකාරිය ගත් තීරණය (වැටුප් සම්බන්ධව) වහාම ක්රියාත්මක කරන ලෙසයි.