දිවයින පුරා රෝහල්වල පවතින පිළිකායතනවල භාවිත කරන ඖෂධ වසර තුනක් තිස්සේ එකම සමාගමකින් අධික මිලකට මිලදීගැනීමට කටයුතු කිරීම නිසා වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර තුන තුළදී රුපියල් මිලියන 900 ක් අහිමි වී තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙහිදී පෙනහළු, ගර්භාෂ හා පියයුරු පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන Paclitarel ඖෂධය රුපියල් 38,000කට ලබාගැනීමට හැකියාව තිබියදීත්, එම ඖෂධ මෙම සමාගම තුළින් මිලදීගෙන තිබෙන්නේ රැපියල් 78,000කට අධික මුදලකට බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා සඳහන් කළේය.