වැට් බද්දට එරෙහිව ලබන සතියේදී යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දැනට පනවා ඇති බද්ද ප්‍රශ්න කිරීමකට ලක්කිරීම මෙහි අරමුණ බවද ඔහු කීය.
එසේම වැට් බදු සංශෝධන පනත තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත විය යුතුය යන නියෝගය ලබාගැනීමටද බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.