ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ සැබෑ නායකයා ජනපතිද, අගමැතිද කියා සොයා බැලෙන අග්නි පරීක්ෂාවක් බවට වැට් බදු ඡන්දය පත්වන බව පිවිතුරු හෙළ උරුම ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (08දා) පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාව පෙළන වැට් බද්දට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනපතිගේ නායකත්වය පිළිගන්නා බවත්, අගමැතිගේ නායකත්වය පිළිගන්නා ඇමතිවරු බද්දට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ සැබෑ නායකයා කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලිය හැකි බවත් තවදුරටත් කියා සිටියි.