එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අගෝස්තු මස 11 වෙනිදා පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත පසුගිය 20 දා විවාදයට ගැනීමට නියමිතව තිබුණද,වැට් බදු ප්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කීරීම හේතුවෙන් එදින එය විවාද නොකෙරුණි.
සියයට 11ක්ව පැවති වැට් බද්ධ සියයට 15 දක්වා වැඩිකිරීමට රජය පසුගියදා පියවර ගන්නා ලද අතර,පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාළ බදු සංශෝධන සිදුකිරීම පිළිගත නොහැකි බව සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
වැට් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය 11 දා පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීමද එදින සවස පැවැත්වෙනු ඇත. එසේම අගෝස්තු 10දා මුල්‍ය කළමනාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයක් පැවැත්වීමටද පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන මෙම පනත් කෙටුම්පත් දෙක සඳහාම එම දිනයන්හී සවස ඡන්දවිමසීමට නියමිතය.
එමෙන්ම ලබන 09 දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට සැලසුම්කර ඇති අතර, මේසඳහාද ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
ලබන 12දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලාංකික විදේශගත සේවා නියුත්තිකයන් විසින් මුහුණදෙනු ලබන ගැටලු පිළිබඳ කල්තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය වී ඇත.