පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව මාස හතරකදී කළ වැටලීම් 21,000 කින් රුපියල් 22,314,850 ක ආදායමක් ලබාගැනීමට හැකි වූ බව සමුපාකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙයින් වැඩිම වැටලීම් සංඛාව වන 1115 මහනුවර දිස්ත්‍රික්කයේ දී සිදු කළ බවත්, ඉන් ලද ආදායම රු. 2,385,000 ක් බවද ඔහු පෙන්වා දුන්නේය. කොළඹ දිස්ත්‍රික්කයේ වැටලීම් 760ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී වැටලීම් 1025 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ වැටලීම් 859 ක් වශයෙන් වැටලීම් සිදුකළ බවද අමාත්‍යවරයා පැවසීය.