මෝටර් වාහනවල අයිතිය වෙනස් වූවද පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ප්‍රමාද වන අයදුම්කරුවන් වෙත සහන කාලයක් සහ සහන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
ලියාපදිංචි අයිතිකරු මාරුවී බොහෝ කාලයක් ගතවී ඇති වාහනවල පැවරීම ලියාපදිංචි කිරීමකින් තොරව මුල් අයිතිකරු නමින්ම භාවිත කිරීම හා විවෘත පැවරීම් ලේඛන මත විවිධ පුද්ගලයන් අතර වාහන හුවමාරු වීම හේතුවෙන් රජයට අයවිය යුතු පැවරීම් ගාස්තු ඇතුළුව විශාල ආදායමක් අහිමි වීම මෙම තීරණය ගැනීමට හෙතුව වී තිබේ.
එබැවින් අයිතිය මාරු වී ඇති නමුත් නියමිත කාලය තුළ පැවරීම, ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කර නොමැති වාහන, පැවරීම ලියාපදිංචි කිරීම පිණිස මාස තුනක සහන කාලයක් සහ එහිදී ගෙවිය යුතු අතිරේක ගාස්තුව සම්බන්ධයෙන් සහනයක් ලබාදීම මගින් එවැනි වාහන පැවරීම් ලියාපදිංචි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීම මෙවැනි තීරණයක් ගැනීම සඳහා රජයේ අරමුණ වි තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.