කල්බදු ක්‍රමයට ගෙවිමට ඇති වාහන වංචනික ලෙස ලබා ගෙන එහි ලියාපදිංචි අංක, චැසි අංක හා එංජින් අංක වෙනස් කර හා කොටස් කර විකිණිමේ ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් අත්අංගුවට ගැනීමට සමත් වූ බව පොලීසිය කියයි.
ජාඇල්, මාතලේ, නාවලපිටිය, පාදුක්ක හා මඩකලපුව යන පොලිස් ස්ථාන වලට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණ බව පොලීසිය කියයි.
සැකකරුවන් වයස අවුරුදු 45, 42, 41 හා 38 වයස්වල පසුවන වත්තල, කෑගල්ල, බුලත්කොහුපිටිය හා කැළණිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලීසිය කියයි.
සැකකරුවන් අද (22 දා) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.