DIG වාස් ඇතුළු විත්තිකරුවන් 6 දෙනා තවත් මාස තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මොහොමඩ් සියාම් ඝාතන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල (Trial AT Bar) ඊයේ (05 දා) නියම කළේය.
මෙම විත්තිකරුවන් තවත් මාස 3 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අයිෂානි ජයසේන මහත්මිය කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරු මඬුල්ල එලෙස නියම කළේය.
රජයේ නිතීඥවරුන්ගේ ඉල්ලීමට ඉඩ ලබානොදෙන ලෙස ඉල්ලමින් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හයදෙනෙකු විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ට ඇප ලබානොදී තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තබාගැනීමට නියම කළේය.