වසරකට මෙරටින් මුඛ පිළිකා රෝගීන් 2500ක් පමණ හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
එහි අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ දිනකට මුඛ පිළිකා රෝගින් 6 දෙනෙකු වාර්තා වන බව ය.
මුඛය ඇතුළත සුදු පාට, රතුපාට ලප මෙන් ම සුදු සහ රතු මිශ්‍ර ලප මුඛ පිළිකාවේ පූර්ව ලක්ෂණ බව ඔහු සඳහන් කළේ ය.
බුලත්විට සපා මත්පැන් පානය කරන පුද්ගලයින්ට මුඛ පිළිකා වැළඳීමේ අවදානම වැඩි බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ය.