බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සිය නිල නිවස වූ ඩවුනින් ස්ට්‍රීට් හි අංක 10 නිවසින් පිටත්වන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ලෙස ඔහු කාඩ්බෝඩ් පෙට්ටියක් ඔසවාගෙන යන ඡායාරූපයක් පළකර තිබුණි. ඇතැම් එංගලන්ත මාධ්‍යද එම ඡායාරූපය පළ කර තිබුණි.
කෙසේ වෙතත් මෙම ඡායාරූපය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපයක් අතර එයට සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රචාරණයක්ද ලැබිණ. කෙසේ වෙතත් දැන් එම ඡායාරූපයේ ඇත්ත විස්තරය අණාවරණය වී තිබේ.
2007 වසරේදී ඩේවිඩ් කැමරන් සිය නිවස මාරු කරන විට මෙම ඡායාරූපය ගෙන තිබුණ අතර ඩේලි මේල් වෙබ් අඩවිය විසින් 2007 වසරේ අප්‍රේල් මස 7 වැනිදා මෙම ඡායාරූපය ප්‍රකාශයට පත්කර තිබුණි.
2010 වසරේ සිට 2016 වසර දක්වා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධුරය හෙබවූ කැමරන්ට සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට සිදුවූයේ බ්‍රිතාන්‍ය යුරෝපයෙන් වෙන්විය යුතුද යනුවෙන් පැවැති ජනමත විචාරණයේ ඔහුගේ මතය වූ වෙන් නොවිය යුතු යැයි යන්න ජනතාව විසින් පරාජයට පත්කිරීම හේතුවෙනි.
බ්‍රිතාන්‍ය වැසින් 52%ක් ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන්නයි.