දියුණු රටවල පිහිට පතා පැමිණෙන සරණාගතයන් ප්රමාණය වසර 22කට පසුව 2014 වසරේදී හරි අඩකින් පමණ වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය පෙන්වා දෙන පරිදි 2014 වසරේදී සරණාගතයන් 866,000ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 45% කින් වර්ධනය වී ඇති අතර, මෙය බොස්නියා යුද්ධය ආරම්භ වීමෙන් පසුව වාර්තා වී ඇති වැඩිම සරණාගතයන් ප්රමාණය බවද කියැවෙයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ සිරියාවේ සහ ඉරාකයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙසේ සරණාගතයන් වැඩි වී ඇති බවයි.
එහිදී වැඩිම සරණාගත අයදුම්පත්ර ප්රමාණය ජර්මනිය වෙත ලැබී ඇති අතර, එය 173,000ක් ලෙස පෙන්වා දෙයි.