වරකාපොල ප්‍රදේශයේ අද දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
වරකාපොල අඹේපුස්ස ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක්, බස් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තුවාලකරුවන් වරකාපොල හා කැගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.