වයඹ පළාත තුළ විසඳීමට ප්‍රශ්න රැසක් තිබියදී ඒවා නොසලකා හරිමින් වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මහජන මුදල් වැයකරමින් විදේශ සංචාරයක යෙදීමට සූදානම් බවට වයඹ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.
වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 47 දෙනෙකු මෙම විදේශ සංචාරයෙහි යෙදීමට නියමිත අතර, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට එම සංචාරය සූදානම් කර ඇති බව වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන් පිරිස කණ්ඩායම් දෙකකට මෙම සංචාරයෙහි යෙදීමට නියමිත අතර, පළමු කණ්ඩායම අනිද්දා (19දා) රාත්‍රියේත්, දෙවැනි කණ්ඩායම ලබන මස මුල් සතියේත් විදේශගත වීමට නියමිත බව සඳහන් වේ. අධ්‍යයන සංචාරයක් ලෙස හඳුන්වාදී ඇති මෙම සංචාරයට අවම වශයෙන් රජයේ මුදල් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වෙතැයි සැලකේ.