වතු සේවකයන් සඳහා රජයෙන් දැනට ලබාදී ඇති රු. 6,500 ට අමතරව තවත් රු. 3,500 ක දීමනාවක් දීපවාලි දිනය නිමිත්තෙන් ලබාදීමට රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම මුදල වතු සේවකයන්ට හිමිවනු ඇත.
මෙම දීමනාව සඳහා වැය වන සම්පූර්ණ මුදල වැවිලි සමාගම වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.