වත්තල නගර සභාවේ උප නගරාධිපති මොහොමඩ් තාහිර් රිස්වාන් මහතා එළඹෙන 16වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල වැඩ බලන මහසේත්‍රාත් චන්න ගුණවර්ධන මහතා අද (14දා) නියෝග කළේය.
පසුගිය 6 වැනි දින වත්තල මාබොලේ බංගලාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිහියෙන් කපා බරපතල තුවාල සිදු කිරීමට අනුබල දීමට සම්බන්ධව උප නගරාධිපතිවරයා ඊයේ (13දා) වත්තල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අද දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.