විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කළ වකුගඩු රෝගය සඳහා හාවිත කළ හැකි රුධිර පෙරණ ලවණ සාන්ද්‍රණයක් අද (21දා) එළිදැක්වීය.
කාර්මික තාක්ෂණ ආයතනයේදී පැවති උත්සවයකදී මෙම එළිදැක්වීම සිදුකෙරිණි. වකුගඩු රෝගය සඳහා වන ප්‍රතිකර්මයක් ලෙස රෝගීන්ගේ රුධිරය ලවණ සාන්ද්‍රණයක් මගින් පිරිසුදු කිරීමට විදේශ රටවලට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත්, නව නිර්මාණය නිසා එම මුදල් ඉතිරිවන බවත් මෙහිදී අදහස් දැක්වූ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ජී.ඒ.එස්.ප්‍රේමකුමාර මහතා පැවසීය. මේ සඳහා මහනුවර මහරෝහලේ සහාය ලැබුණු බවද ඔහු කීය.
මේ වනවිට වකුගඩු දෙකම අක්‍රිය රෝගීන් 10,000ක් පමණ සිටින බවත් එම රෝගීන් අතරින් පිරිසකට නව ද්‍රාවණය ලබාදී පරීක්ෂා කිරීමේදී සාර්ථක ප්‍රතිඵල අත්වූ බවත් මහනුවර මහරෝහලේ වෛද්‍ය තිලක් අබේසේකර මහතා මෙහිදී සඳහන් කළේය.