ආසියානු රටක් තුළ ප්‍රථම වරට පවත්වනු ලබන ගෝලීය තරුණ සමුළුව 2014 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා වූ ශ්‍රී ලංකා පූර්ව සංවිධාන කටයුතු පිළිබඳව සිය ප්‍රසාදය පළකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මුන් මහතා ප්‍රකාශ කර සිටියේය.
බෑන් කී මුන් මහතා එසේ අදහස් දැක්වූයේ ලෝක තරුණ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ආරාධනා නිල වශයෙන් ඒ මහතාට භාරදුන් අවස්ථාවේදීය.
යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයට ගොස් මහ ලේකම් හමුවී එම ආරාධනය නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව සාකච්ඡා වටයක්ද පැවැත්විණි.
මෙම අවස්ථාවේදී මහ ලේකම්වරයා ඉතා දැඩි ලෙස අවධාරණය කර සිටියේ තරුණයා යනු ඉතා ප්‍රමුඛතාවයක් ගන්නා පිරිසක් බවය.
‘‘ලෝකයේ ජීවත් වන ජනගහනය අතරින් හරි අඩක්ම වයස අවු.25 ට අඩු බැවින් මෙය තරුණ ලොවක් වෙනවා’’ යැයි බැන් කී මුන් පැවසීය. එසේම මහ ලේකම්වරයා තරුණ තරුණියන්ට දේශපාලනික හා ආර්ථික අවස්ථා ලබාදීම පිළිබඳවද අවධාරණය කළේය. එසේම ශ්‍රී ලංකාව තරුණ තරුණියන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාකිරීම පිළිබඳව ඉතා විස්මයට පත්වන බවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවිනීදන් පිල්ලෙයි මහත්මිය ඉතා සාර්ථක අන්දමින් පැවැත්වූ ශ්‍රී ලංකා යෞවන පාර්ලිමේන්තුව පිළිබඳව පැවසූ ප්‍රකාශය පිළිබඳවද මෙම අවස්ථාවේදී ඔහු සිහිපත් කළේය.
මෙහිදී මහ ලේකම්වරයාට, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලෝක තරුණ සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම පිළිබඳව විශේෂ ස්තූතිය පිරි නැමූ අතර, ඒ මහතා මෙම විශේෂ අවස්ථාවට පැමිණීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවද කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ක්‍රමය හා මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතවරයා ලෝක තරුණ සමුළුව සාර්ථක කරගැනීම සඳහා නොකඩවා ලබාදෙන අනුග්‍රහය පිළිබඳව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා සිහිපත් කළ අතර ඒ වෙනුවෙන් සිය විශේෂ ස්තූතිය පිළිගැන්වීය.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ‘‘ ජාතියක් ලෙස අප හට නැවත ගොඩනැගීමට මෙම ලෝක තරුණ සමුළුව මහත් පිටිවහලක් වෙනවා.. ලෝක තරුණ සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස එළිදැක්වෙන තරුණ තරුණියන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සමූහ ප්රයත්නයක් ලෙස සම්පාදනය වන කොළඹ තරුණ ක්‍රියාකාරී සැලැස්ම තරුණ අභිලාෂයන් බහු පාර්ශවීය ක්‍රියාවලියක් ලෙස 2015 වර්ෂයෙන් ඔබ්බට යන අවස්ථාවේ ඉවහල් වෙනවා.” යනුවෙනි.
යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයාගේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, ජාතික තරුණසේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත/තානාපති කාර්යාලයේ කොන්සියුලර් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරු මෙන්ම, ලෝක තරුණ සමුළු කාර්ය සාධන බලකායේ සාමාජික ජයත්මා වික්‍රමනායක මෙනවිය (ශ්‍රී ලංකා නිත්‍ය සභාවේ තෘතිය ලේකම්) සහ ක්‍රිස්ටෝපර් දෙක්කි මහතා (IMCS - Pax Romana - US and Syria ) මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.