විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර ජාතික සමගිය ලොවටම ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකිවුණ බවද, සිංහල, දෙමළ, ඉස්ලාම් බව නොසලකා සැවොම එහිදී සතුටු වූ බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අද (07දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී පැවතිජාතික සමගියේ මහා සමුළුවේ සමාරම්භක උලෙළට සහභාගී වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
එසේම ආගමික සහජීවනයට සුදුසුම උදාහරණය ශ්‍රී ලංකාව බවත්, අතීතයේ සිට ශ්‍රී ලාංකිකයන් විවිධ ආගම්වලට අයත් ජාතීන් සමග කටයුතු කළ ආකාරය පිළිබඳව ඕනෑතරම් උදාහරණ ඇතිබවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවැසීය.
ඡායාරූප ඉසුරු පෙරේරා