ලොව පුරා මාතෘ මරණ අනුපාතය පහළ ගොස් ඇති බවත්, 1990 සිට එය 45%කින් අඩු වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
එම වාර්තාවේ දත්තයන්ට අනුව, ගර්භිනී සමයේදී හා දරු උපත්වලදී සිදුවන මාතෘ මරණ සම්බන්ධයෙන් නවතම හේතු සාධකද පෙන්වා දී තිබේ.
මෙහිදී, ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරමින් පෙන්වා දෙන්නේ ගර්භිනී සමයේ සත්කාර සම්බන්ධයෙන් අමතර ආයෝජනයක් සිදුකිරීමෙන් මෙම මරණ සංඛ්‍යාවද අවම කරගත හැකි බවයි.
1990 දී ගර්භිනී සමයේදී හා දරු උපත්වලදී කාන්තාවන් මිලියන භාගයක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 2013 වසරේදී එම සංඛ්‍යාව 289,000 දක්වා අඩු වී තිබේ.
නමුත්, ලොව පුරා සෑම පැයකදීම සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව 33ක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර, එය තවමත් ඉහළ අගයක් බවද කියැවෙයි.
දුගී රාජ්‍යයන් හා සංවර්ධිත රාජ්‍යයන් අතරද මෙම මරණ අනුපාතයේ පැහැදිලි වෙනසක් දැකිය හැකි අතර, උප-සහරා අප්‍රිකානු කලාපයේ වයස අවුරුදු 15ක ගැහැණු දරුවෙකු ගර්භිනී සමයේදී හෝ දරු උපතේදී ජීවිතක්ෂයට පත්වීමේ අවදානම 40කින් එකකි. නමුත්, යුරෝපයේ එම අවදානම 3,300කින් එකක් බව කියැවෙයි.