ලොව දැවැන්තම මැතිවරණය සනිටුහන් කරමින්, ඉන්දියාවේ මහ මැතිවරණය අද (7දා) ආරම්භ විය. පාලක කොංග්රස් පක්ෂය විසින් විරුද්ධ පක්ෂය වූ බී.ජේ.පී. හෙවත් හින්දු ජාතික පක්ෂය සමග කරට කර තරග වදින මෙවර මැතිවරණය අතිශය උණුසුම් මැතිවරණයක් වනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එදාමෙදා තුර ලොව පැවති දැවැන්තම මැතිවරණය ලෙස අදියර 9ක් යටතේ පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන්නේ මැයි 12 වැනිදාය. ඡන්දය ගණන් කිරීම මැයි 16 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් මිලියන 800ක ඉන්දියානුවන් ඡන්දදායකයන් ලෙස පෙරට එන අතර, ඔවුන් දූෂණයට හා ඉහළ උද්ධමනයට එරෙහිව සිය ඡන්දය භාවිත කරනු ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මහ මැතිවරණයක් වුවත්, මෙය ද්වන්ධ සටනක් බඳු ජනාධිපතිවරණයක ස්වරූපයක් ගෙන ඇත්තේ, කොංග්රස් පක්ෂයෙන් ගාන්ධි පරපුර ඉදිරියට ගෙන යන රාහුල් ගාන්ධි හා බී.ජේ.පී.යෙන් එහි ජනකාන්ත නායක නරේන්ද්‍ර මෝඩි උණුසුම් මැතිවරණයකට අවතීරණය වී සිටින බැවිනි.
මේ අතර, මෑතකාලීන සෙසු මැතිවරණවලදී නොසිතූ ජනවරමක් ලබාගත් දූෂණයට එරෙහිව නැගී සිටි නව ආම් අදාමි පක්ෂය (ඒ.ඒ.පී.) මෙවර මහ මැතිවරණයට සටන් වදින්නේ අරවින්ද් කෙජ්රිවාල්ගේ නායකත්වයෙනි.