ශ්‍රීලංකාවේ ලිහිසිතෙල් කර්මාන්තය සහ තාර වෙළෙඳ පොළ ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් වෙළෙඳපොළ තුළ ඵලදායී තරගකාරීත්වයක් සඳහා පහසුකම් සැලසීමේ සහ තරගකාරී තාර වෙළෙඳපොළක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
ඒඅනුවලිහිසිතෙල් කර්මාන්තයට අලුතින් ඇතුළත් වීමට කැමැත්තක් දක්වන්නන්ට බලපත්‍ර ලබාදීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් අයදුම්පත්‍ර කැඳවීමට මෙන්ම, අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 02 දක්වාද, උපරිම ලියාපදිංචි ගාස්තුව රුපියල් රුපියල් මිලියන 06 දක්වාද වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අනුමැතිය ලැබී ඇත.