සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මේ වනවිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලිප්ටන් වටරවුම ආශ්රිත මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීමට විරෝධය පළකරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබේ.