රුපියල් ලක්ෂ හැටපහක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ ට්‍රිචි නුවර හරහා සිංගප්පුරුවට යාමට උත්සාහ කළ සීෂෙල්ස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (12) උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය 45 හැවිරිදි වියේ පසුවන බවත්, ඇය සිංගප්පුරු ඩොලර් දසදහසක මුදලක් රේගුවට ප්‍රකාශ කර මෙරටින් පිටවීමට උත්සහ කළ බවත් රේගුව කියයි. එහෙත් ඇයගේ ගමන් මල්ලේ තිබී තවත් යුරෝ, ඇමරිකානු ඩොලර් සහ සිංගප්පුරු ඩොලර් තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.ඇය ඊයේ (11) මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.