යාල ජාතික වනෝද්‍යානයට අයත් කලගෙඩිපැලැස්ස, තල්ගහදිගන ප්‍රදේශයේ ඊයේ (25දා) සිදුකළ වැටලීමකදී ලක්ෂ 100 ක් පමණ වටිනා වියළි ගංජා කිලෝග්‍රෑම් 414 ක් අත්අඩංගුවට ගෙන ලක්ෂ 400 ක් පමණ වටිනා ගංජා හේනක් කපා ගිනිතබා විනාශ කළ බව තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.වී.පී.සී. දීපාල් මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව තණමල්විල පොලීසිය මෙම වැටලීම සිදුකර තිබේ.
පොලීසිය මෙම වැටලීම සිදුකරන මොහොතේ ගංජා හේනේ සිටි එක් සැකකරුවෙකු පැන ගොස් ඇති අතර ඔහු ගාමිණීපුර තණමල්විල ප්‍ර‘දේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය හඳුනාගෙන තිබේ.
යාල ජාතික වනෝද්‍යානයේ කලගෙඩිපැලැස්ස, තල්ගහදිගන ප්‍ර‘දේශයේ වගා කර තිබූ ගංජා හේනක් කපා වේලන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට පත් ගංජා හේනේ විශාලත්වය අක්කර 04ක් පමණ වන බවත්, අක්කර භාගයක පමණ ගංජා කපා වියළා ගෝනි කර තිබූ බවත්, මෙම වැටලීමට එක්වූ නිලධාරියෙකු පැවසීය.
එම කපා වියළා ගෝනි කර තිබූ වියළි ගංජා තොගයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 414 ක්වූ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් ගංජා හේනේ ඉතිරි ගස් ගලවා ගිනි තබා විනාශ කිරීමට පොලීසිය කටයුතු කෙරිණි.
වැටලීම සිදුකළ මොහොතේ පැනගිය සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන බව තණමල්විල පොලීසිය පවසයි.
මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, මොණරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී නිමල්සිරි පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.වී.පී.සී. දීපාල් මහතාගේ මෙහෙයවීමෙන් තණමල්විල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.