රුපියල් ලක්ෂ විසිපහක් වටිනා හෙරොයින් රැගෙන පාකිස්තානයේ සිට මෙරටට පැමිණි පාකිස්තාන ජාතිකයෙකු ඊයේ (02දා) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තිස් හතර වියේ පසුවන පාකිස්තානයේ කරච්චි නුවර පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් 300කි.
ඔහු ගෙන ආ ගමන් මලු දෙකක හෙරොයින් ග්‍රෑම් 100 බැගින්ද, ඔහු පැලඳි සපත්තුවේ යටි පතුලේ තවත් හොරොයින් ග්‍රෑම් 100 ක්ද සඟවා තිබූ බව රේගුව පවසයි.
මොහු නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සංචාරය කරන අයෙකු බව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.