අද උදෑසන 6.45 ට ඩුබායි සිට Fly ඩුබායි ගුවන් යානයකින් පැමිණි මගීන් දෙදෙනෙකු පිළිබඳව ඇති වූ සැකයක් මත ඔවුන් දෙදෙනාව පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ගුද මාර්ග වල තිබී රන් බිස්කට් 29 ක් සොයා ගැනීමට රේගුව සමත් විය.
මෙම රන් බිස්කට්වල වටිනාකම ලක්ෂ 145 ක් පමණ වන අතර, මත්තල ගුවන් තොටුපොළින් මෙතරම් වටිනාකමක් ඇති රත්තරන් බිස්කට් ප්‍රමාණයක් හමුවූ ප්‍රථම වතාව මෙය වන බවත් රේගුව පවසයි.
මොවුන් දෙදෙනා කොළඹ සහ කටුගස්තොට පදිංචි 58 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බවද පැවසේ. මත්තල ගුවන්තොටුපොළේ රේගු අධ්‍යක්ෂක ජේ.එම්. ස්ටීවන් පීරිස් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එල්.පී. ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් රේගු නිලධාරීන් විසින් පරීක්ෂණ සිදුකළහ.
රාහුල් සමන්ත - හම්බන්තොට