ජාතියක් ලෙස ත්‍රස්තවාදය පරදවා ලැබූ ජයග්‍රහණ ආපස්සට හැරවීමේ අරමුණින් අද ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදය යෝජනා රැගෙන එන බවත්, ඒවා හමුවේ ලක්මව දියණියන් යටත් වීමට හෝ හිස නැමීමට සූදානම් නැති බවත් සඳහන් කරමින් ‘ලක්මව දියණියේ’ සංවිධානය අද (08දා ) කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.
මෙහිදී අධිෂ්ධාන ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමටත් ලක්මව දියණියෝ සංවිධානය කටයුතු කරන ලදී. කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල සිට සුදුවතින් සැරසුණු ‘ලක්මව දියණියෝ’ සාමාජිකාවෝ පාගමනකින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණිනෙමින් විරෝධතාවේ නිරත වූහ.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන පිළිවෙතට සංකේතාත්මකව විරෝධය පළ කිරීමක් ලෙස ඇයගේ රැව රැගත් පුවරුවක රතු තීන්තෙන් සිය ඇඟිලි සලකුණු තැබීමටද ‘ලක්මව දියණියෝ’ සාමාජිකාවෝ කටයුතු කළහ.