පෞද්ගලික බස්ගාස්තු ඉහල දැමීමට යෝජනාවීමත් සමග ලංගම බස් ගාස්තුද අගෝස්තු පළමු දින සිට ඉහළ දැමීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය. ඒ අනුව සියයට 6කින් ලංගම බස් ගාස්තු ද ඉහළ නංවන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට පවතින පිරිවැය ඉහළයාම හේතුවෙන් මෙලෙස බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.