ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදාගැනීමට අදාළව මුදල් ගෙවීමට තිබෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවක් නොදන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කටයුතු වෙනුවෙන් බස් රථ යොදාගැනීම සිදුකරනු ලැබුවේ මැතිවරණ කමිටුව විසින් බවත්ය. එහෙත් එම කමිටුවේ සිටියේ කවුද යන්න තමන් නොදන්නා බවද ඔහු පවසා සිටියේය.
මැතිවරණ කමිටුව විසින් ලංගම බස්රථ යොදාගැනීම වෙනුවෙන් තව කොතරම් මුදලක් ගෙවීමට තිබෙනවාද යන්න නොදන්නා බවත්, එහෙත් ලංගම බස් රථ යොදාගැනීම වෙනුවෙන් යම් මුදල් ප්‍රමාණයක් ලබාදී තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා ගනුදෙනුව සිදුකර ගත් පුද්ගලයන් සමග මෙම ප්රශ්නය විසඳාගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
බස් රථ තිබෙන්නේ ගන්න බවත්, කුලී ගෙවන්න තියෙන්නෙත් බස් රථ ගත්ත අයටම බවද ඔහු පවසා සිටියේය.