ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්රචාරක කටයුතු සඳහා ලබාගත් ලංගම බස් රථ වෙනුවෙන් ගෙවීමමට තිබෙන සියලු මුදල් අයකර ගැනීම වෙනුවෙන් බස් ඇණවුම් කළ පිරිස්වලට නඩු පවරන ලෙස ලංගම බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
ලංගම බස් රථ ලබාගැනීම වෙනුවෙන් ලංගමයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ලබාදෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත්, එහෙත් ලංගමයට ඒ වෙනුවෙන් පාඩු විඳීමට නොහැකි නිසා බස් ඇණවුම් කළ පිරිසට නඩු පවරා මුදල් ලබාගන්නා බවද ඔහු පවසා සිටියේය.