මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ස්විට්සර්ලන්තයේ ජීවත් වන බවත් ඔවුන් සමග පවත්නා සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යන්හිදී තම රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ස්විට්සර්ලන්ත ජනපතිනිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පැවසුවාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි Simonetta Sommaruga මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්විණ. එම සහය සදහා සිය ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා නව ව්‍යවස්ථා සංශෝධන තුළින් ක්‍රියාත්මක කෙරෙන නව රජයේ ඉදිරි කටයුතු සදහා ස්විට්සර්ලන්ත රජයේ සහය බලාපොරොත්තු වන බවත් පැවසීය.
එමෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබදව ස්විට්සර්ලන්ත ජනාධිපතිනියව දැනුම්වත් කළ ජනාධිපති මෛත්‍රීපාල මහතා ඒ සදහා ද ස්විට්සර්ලන්ත රජයේ සහය අපෙක්ෂා කරන බව සදහන් කළේය.