2013 නොවැම්බර් මස පැවැත්වූ වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයීීයේ (සීමා) ජාත්‍යන්තර විභාගයේ දී ‘පර්ෆෝමන්ස් ඔපරේෂන්ස්’ විෂයට ලකුණු 96 ක් ලබා ගනිමින් දකුණේ එපෙක්ස් බිස්නස් ඇකඩමියේ නිපුණි හංසිකා ශිෂ්‍යාව ලෝකයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තාය.
මෙවර සීමා විභාගයේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම ලෝක ත්‍යාගය මෙය වන අතර දකුණේ සිසුවෙක් වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය (සීමා) පැවැත්වූ ජාත්‍යන්තර විභාගයකදී ලෝක ත්‍යාගයක් දිනා ගත් ප්‍රථම අවස්ථාවද මෙයයි.
නිපුණි හංසිකා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවෙ අධ්‍යාපනය හදාරා 2012 අපොස උසස් පෙල විභාගයේදී ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව විෂයනට විශිෂ්ඨ සමාරථ ලබා ගැනීමෙන් පසු වරලත් කළමනාකරණ ගණකාධිකරණය පාඨමාලාව හැදෑරුවාය.