රුහුණු විශ්වවිද්‍යාලයෙහි දැයට කිරුළ ප්‍රදර්ශනය පවැත්වීමට කිසිම ආකාරයකින් ඉඩ ලබා නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.
උසස් අධ්‍යාපන ඇමතිවරයා හෝ ආණ්ඩුව කුමන කතා පැවැසුවද දේශපාලන ප්රතිරූප නැංවීමට රජයේ විශ්වවිද්‍යාල ලබා දිය නොහැකි බව එහි කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා අවධාරණය කළේය.
විශ්වවිද්‍යාලවල නිර්මාණය වී ඇති සුබසාධන හා අනෙකුත් ගැටලුවලට විසඳුම් ලබා නොදෙන ආණ්ඩුව පිරිහුණු දේශපාලඥයන්ගේ ප්රතිරූප නැංවීමට දරන උත්සාහය පරාජය කරන බවත්, හැකිනම් රුහුණු විශ්වවිද්‍යාලයෙහි දැයට කිරුළ ප්‍රදර්ශනයට අදාළව ජනාධිපතිවරයාගේ කටවුට් එකක් සවිකර පෙන්වන්නැයි නජිත් ඉන්දික මහතා අභියෝග කර සිටියේය.