රුවන්වැලි සෑයේ සලපතළ මළුව ක්‍රමවත්ව සැකසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා විහාර ව්‍යාපෘතිය තීරණය කර තිබේ.
ඒ අනුව වැලි මලුවේ වැහි ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත්ව සැකසීම සහ වල්බිහිවී ඇති සලපතළ මලුව පිරිසුදුකර වැලි ඇතිරීමේ කටයුත්ත අද (28දා) දිනයේ සිදුකිරීමට නියමිතය.
ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකිරීමට නියමිතය.