මෙවර මැතිවරණය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් සියය බැගින් රුපියල් ලක්ෂ 27 ක මුදලක් එකතු වී ඇති බවත්, ඉන් රුපියල් ලක්ෂ 20 ක් මේ වන විට වියදම් කළ බවත් නීතීඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (26දා) පැවසීය.
එසේම තමන් තනතුරු බලාපොරොත්තුවෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූවද, ජනාධිපතිවරයා ලබාදෙන ඕනෑම තනතුරක් භාරගැනීමට තමන් සූදානම් බවත් හෙතෙම පැවැසීය.
“විපක්ෂයේ අය කියනවා මම රැපියල් සීය ගාණේ හිඟාකනවා කියලා. බුදු හාමුදුරුවොත් හිඟාකාලා ආහාර ගත්තා නම් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මම හඟා කෑමේ වරද මොකද්ද? ඒක සමහරෙකුට ඉවසන්න බැරිව ඇති. මට මුදල් හොයන්න විදියක් නැති නිසා හිඟාකනවා නොවේ. මම නීතීඥයෙක්. පරිගණක ඉංජිනේරුවෙක්. සමාගම් අධ්යක්ෂවරයෙක්. මට ධනපති කෝටිපති ව්‍යාපාරික මිතුරන් ඕනෑ තරම් ඉන්නවා. ඒ මිතුරන් විසිදෙනෙක් මිලියනය ගාණෙ දුන්නා නම් මෙහෙම හිඟාකන්න ඕන නෑ. ඒත් අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය නිසයි මේ වැඩපිළිවෙළ දියත් කරන්නෙ" යනුවෙන් හෙතෙම කියා සිටියේය.