අත්‍යාවශ්‍ය භාණ්ඩ 16ක් සඳහා පාලන මිල පැනවීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (15දා) මධ්‍යම රාත්රියේදී නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පළිබඳ අධිකාරිය කටයුතු කරනු ලැබීය. එම මිල ගණන් ඊයේ (14දා) සිට බලපැවැත්වෙන බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් මෙම භාණ්ඩ අතරින් භාණ්ඩ කිහිපයක් සඳහා රුපියල් 5ට නොවැඩි මුදලක් එකතු කිරීමේ අවස්ථාව වෙළෙන්දන්ට ලබාදීමට ගැසට් නිවේදනයෙන් කටයුතු කර තිබේ.
ඒ අනුව මයිසූර් පරිප්පු, වියළි හාල් මැස්සන් (තායිලන්ත/ඩුබායි) කඩල, මුං ඇට, සුදු සීනි, තිරිඟු පිටි, වියළි මිරිස්, කරවල (සාලයා/කට්ට) හා උම්බලකඩ යන භාණ්ඩ අසුරුම්/බහාලුම් තුළ අසුරා ඇත්නම් එම ඇසුරුමේ බර නොසලකා පාලන මිලට වඩා රුපියල් පහට නොවැඩි මුදලක් භාණ්ඩයේ මිලට එකතු කළ හැකි බවද ගැසට් නිවේදනයේ දැක්වෙයි.