රියෝ ඔලිම්පික් උලෙළේ පිරිමි පාපැදි සවාරියේ අවසානය සනිටුහන් කරන කෝපකබානා වෙරළාසන්න ස්ථානයට ඔබ්බෙන් එරට බෝම්බ නිශ්ක්රීය අංශය පාලනයෙන් යුතු පිපිරීමක් සිදුකර තිබේ.
සැකකටයුතු බෑගයක් සම්බන්ධයෙන් බෝම්බ නිශ්ක්රීය අංශයට ලැබුණු තොරතුරක් මත ඔවුන් එම බෑගය පුපුරුවා හැරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පාපැදි සවාරියේ සජීව විකාශයේදී පවා මෙම පිපිරීම සිදුවන හඬ ඇසුණු බවත්, එම අවස්ථාවේදී තරගයේ විස්තර විචාරකයන් පවා මෙහොතකට නිහඬ වූ බවත් කියැවෙයි.
පාපැදි ධාවකයන් දිනුම් කණුව වෙත පැමිණීමට තවත් කිලෝමීටර් 70ක් පමණ තිබියදී එම පිපිරීම සිදුකර ඇති බව තහවුරු කෙරී තිබුණි.
කෙසේ වෙතත්, මින් ඔලිම්පික් උලෙළට සහභාගී වී සිටින ක්රීඩකයන්ට හෝ ඒ අවට සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම පිපිරීම රියෝ ඔලිම්පික් උලෙළ සමග වාර්තා වූ දෙවැනි බෝම්බ බිය ඇති කළ සිදුවීම ලෙස සැලකෙන අතර, ඔලිම්පික් සමාරම්භක උලෙළ පැවති ක්රීඩාගාරය ආසන්නයේ වූ සැකකටයුතු බෑග් දෙකක් පිරික්සීම සඳහා බෝම්බ නිශ්ක්රීය රොබෝ යන්ත්ර යොදාගැනීමක් මීට පෙර වාර්තා විය.
කෙසේ වෙතත්, පසුව ඒවා බෝම්බ නොවන බව තහවුරු වුවත්, රියෝ ඔලිම්පික් උලෙළේ බෝම්බ බිය හොල්මන් කරන බව විදෙස් වාර්තා පවසයි.