පොළොන්නරුව කදුරුවෙල නගරයේදී රෝද තුනේ පාපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (03දා) අනතුරට පත් වූ යාචකයෙකු (80) ළඟ තිබී රුපියල් 27,000 ක මුදලක් සොයාගත් බව පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි.
මෙම යාචකයා කදුරුවෙල නගරයේ වාසය කළ අයෙකු බවත්, අනතුරින් පසුව ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා පොළොන්නරුව රෝහළට ඇතුළත් කළ බවත් පොලීසිය සඳහන් කළේය.
එසේම අනතුර සිදුකළ බව කියන එළවළු ලොරි රථය හා එහි රියදුරා අත්අඩංගුවට ගත්බවද පොළොන්නරුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.