බන්ධනාගාරගතව සිටියදී අසනීපව රෝහල්ගතව සිටින පුද්ගලයන්ට හදිසියේ ඇප ලැබුණොත් පාගමනින් යාමට හැකි තරම් සුවයක් තිබෙන්නට පුළුවන් බව නීතිය හා සාමය පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා ප්‍රකාශකළේය. ඇමතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය තිබෙන්නෙ ඔබතුමාගෙ අතේ. මම අහන්නෙ දේශපාලනඥයන් බන්ධනාගාර ගත වුණාම බන්නධනාගාර රෝහලට හරි ජාතික රෝහලට හරි යන එක දැන් සිදුවෙනවා. යැයි නලීන්ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.