රැකියා විරහිත උපාධිධාරින්ගේ උද්ඝෝෂණය වළක්වමින් තහනම් නියෝගයක් ලබාගත් බව පොලීසිය පවසයි.
එම විරෝධතාකරුවන් අද (26දා) පාර්ලිමේන්තුව අසළට පැමිණෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග තලංගම පොලීසිය කඩුවෙළ මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය ලබාගෙන තිබේ.
විරෝධතාකරුවන්ට පොල්දූව හංදියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇතුලුවීම තහනම් කළ බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.