රැකියා විරහිත උපාධිධාරි සංගමයේ නියෝජිත පිරිසක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවී සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අරලිය ගම මන්දිරයට ගියෝය.
සියලු උපාධිධාරින්ට රැකියා ලබාදෙන ඉල්ලමින් එම සංගමයේ විරෝධයක් කොළඹදී පැවැති අතර ඉන් පසුව එහි නියෝජිත පිරිසකට අග්රාමාත්යවරයා හමු වී ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබේ. සංගමයේ 10 දෙනෙක් අග්රාමාත්යවරයා හමුවීමට ගියහ.