රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන් 850 දෙනාට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන් රාජගිරිය ආයුර්වේද වටරවුම අසල අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
2010 වසරේ සිට ආයුර්වේද උපාධිය ලබාගත් 850 කට අධික පිරිසකට මෙතෙක් රැකියා ලබාදීමට කටයුතු කර නොමැති බව රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය සඳහන් කරයි.
රැකියා ලබාදෙන බවට වසර ගණනාවක සිට පොරොන්දු ලබාදුන්නත් මෙතෙක් එම පොරොන්දු ඉටු නොකිරීම නිසා මෙම සත්යග්රහ ව්‍යාපාරය ආරම්භ කළ බවද එම සංගමයේ උපලේකම් වෛද්‍ය මලිත් රත්නායක මහතා සඳහන් කළේය.
ඡායාරූපය ෂමිල පෙරේරා