රාජ්‍ය සේවාවන් ජනතාව වෙත පහසුවෙන් මෙන්ම විධිමත්ව ලබාදීම සඳහා සකස් කර තිබෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්රවේශයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) අවධාරණය කරයි.
මේ වනවිට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් එවැනි ප්රවේශයන් රැසක් සම්පාදනය කර තිබෙන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම රාජ්‍ය සේවාවන් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේදී මෙම ප්රවේශයන් ඔස්සේ කටයුතු කිරීම රාජ්‍ය ආයතනයකට මූල්‍ය මෙන්ම ආරක්ෂාව අතින්ද ඉතා වැදගත් වන බව නියෝජිතායතනය පවසයි.
රාජ්‍ය ආයතනයක් තම සේවාවක් මහජනතාව වෙත අන්තර්ජාලය ඔස්සේ ලබාදීමේදී ඒ සඳහා වන මූල්‍ය ගෙවීම් සිදු කිරීම සඳහා ලංකා රාජ්‍ය ගෙවීම් සේවාව (LGPS) යොදාගත හැකි බවද,කෙටි පණිවිඩ ඔස්සේ සේවාවක් ලබාදීමේදී රාජ්‍ය කෙටි පණිවුඩ සේවාව (GovSMS)යොදාගත හැකි බවද,රාජ්‍ය ආයතනයක තොරතුරු හා දත්ත ගබඩා කරගැනීම සඳහා ලංකා ගවර්මන්ට් ක්ලවුඩ්(LGC) යොදගත හැකි බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
රාජ්‍ය ආයතන 25 ක් පමණ මේවනවිට මෙම පහසුකම් ඔස්සේ කටයුතු කරමින් සිටින බවද නියෝජිතායතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම තොරතුරු තාක්ෂණ ප්රවේශයන් ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රධාන නවීකරණ නිලධාරීන් දැනුම්වත් කිරීමටද නියෝජිතායතනය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ වැඩිවිස්තරwww.icta.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවද නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.