රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් රාජගිරිය මංසන්ධිය අවට වාහන තදබදයක් ඇති විය හැකි බව මහමාර්ග අමාත්‍යංශය නිවේදනය කරයි. ඉදිකිරීම් සඳහා මාර්ගය කැණීම් හෙට (31) හෙට සිට ආරම්භ කිරීමට නියමිතය. මේ හේතුවෙන් රාජගිරිය මංසන්ධිය අවට හෙට අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් එය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.