ජනතාවට සේවය කිරීමට අවශ්‍ය නිසා ඇමතිකම ගත් බවත් තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ රනිල් වික්‍රමසිංහ මහතා වෙත නොගිය බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
“එක්සත් ජාතික පක්ෂයට ගියේ නැහැ . රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තුරුල්ලට ගියේ නැහැ. ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා. ආණ්ඩුව හරියට යනව නම් ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ආණ්ඩුව වැරැදියට යනවානම් එදාට ආණ්ඩුවෙන් අයින්වෙලා ඉන්නවා.
අවුරුදු හතරහමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන්නත් බැහැ. තමුන්නාන්සේලා ඉල්ලන්නේ වතුර, පාරවල්, රස්සා , සංවර්ධනය.මේවා විපක්ෂයේ වාඩිවෙලා ලබාදෙන්න පුළුවන්කමක් නැහැ. ආණ්ඩුව ඇතුළෙත් විවිධ සංවාද පවතිනවා . ඇවන්ට් ගාඩ් සිද්ධිය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ අයම විවිධ මත පළ කරනවා .ඒක තමයි ආණ්ඩු පක්ෂය තුළ තිබෙන ප්රජාතන්ත්රවාදය” යැයි බදුල්ලේ පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා පැවැසීය.